තක්සේරු නිර්ණායක
APO ජාතික සම්මානය මගින් තම සේවා ස්ථානවල හෝ අංශයෙහි ඵලදායිතාව වැඩිදියුණු කිරීම සහ විශිෂ්ටත්වයට පත් කිරීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති හෝ ප්‍රතිපත්ති හරහා ජාතික ඵලදායිතාව විශිෂ්ටත්වයට පත් කිරිම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති පුද්ගලයින් ඇගයීමට ලක් කෙරේ. එහි දී නවෝත්පාදන උපාය මාර්ග හෝ විශේෂිත ක්ෂේත්රවල නව මෙවලම්, ක්‍රමවේදයන් සහ ශිල්පීය ක්‍රම දියුණු කිරීම හරහා විවිධ මට්ටම්වල ඵලදායිතා ප්රයත්නයන් මෙහෙයවීම සහ ප්‍රවර්ධනය කිරීම, එමගින් ඵලදායිතාව පිළිබඳ දැනුමට දායක වීම පිළිබඳ සලකා බැලේ.
විශේෂයෙන්, ඵලදායිතා උපදේශකයින් සඳහා වන APO ජාතික සම්මානය සංවිධානාත්මක හෝ ජාතික මට්ටමේ ඵලදායිතා ව්‍යාපාරයට චින්තන නායකයින්, කළමනාකරණ නායකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් ලෙස සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් පුද්ගලයින් හඳුනා ගනී. ඵලදායිතා සංකල්ප හැඩගැස්වීමේ දී, ප්‍රතිපත්ති රාමු සැකසීමේ දී සහ ක්‍රියාත්මක කිරීම සඳහා සම්පත් බලමුළු ගැන්වීමේ දී ඔවුන් ප්රමුඛ භූමිකාවක් ඉටු කරයි.
තක්සේරු ගත කරුණු වන්නේ:
භූමිකාව සහ දායකත්වය
ඵලදායිතා න්‍යාය පත්‍රය ප්‍රවර්ධනය කිරීමේ දී ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරයි
ඵලදායිතා උත්සාහයන් සඳහා නාමිකයාගේ මැදිහත් වීමේ විෂය පථය සැලකිය යුතු ය (උදා: සංවිධානාත්මක සහ/හෝ ජාතික මට්ටමින්)
ඵලදායිතාව සඳහා වූ දායකත්වය දැක්වුවන්ට පිළිගැනීමක් දීම සදහා අදාළ සම්මාන නම් කර ඇත
නායකත්වය සහ උපාය මාර්ගයන්
ඉහළ මට්ටමේ ඵලදායිතා අභියෝග පිළිබඳ විශිෂ්ට අවබෝධයක්
ශක්තිමත් නායකත්වය මගින් පාර්ශ්වකරුවන්ගේ සහයෝගය ඇතිව ප්‍රතිපත්ති සැකසීමට /උපාය මාර්ගයන් සංවර්ධනය කිරීම
ගැටළු අපේක්ෂා කිරීම හා උපායන්ට අනුවර්තනය කිරීමට සහ ගැටළු ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට ඇති හැකියාව
ඵලදායිතා ව්‍යාපාරයට සහාය වීම සඳහා අන් අයට බලපෑම් කිරීමට ඇති හැකියාව
ප්‍රතිඵල සහ බලපෑම්
ඵලදායිතා උපාය මාර්ගයන් / ප්‍රතිපත්ති මගින් ලබා ගත් යහපත් ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ප්‍රතිඵල
දිගු කාලයක් පුරා ප්‍රතිඵල හෝ බලපෑම් නිරූපණය කිරීම
ප්‍රතිපත්ති / උපාය මාර්ගයන් රට තුළ බහුවිධ අංශවල යෙදීම හෝ සැලකිය යුතු පාරිසරික, සමාජීය සහ පාලන ප්රතිලාභ ලබා තිබිම
ඵලදායිතා තාක්ෂණ විශේෂඥයින් සඳහා වන APO ජාතික සම්මානය මඟින් ඵලදායිතා මට්ටම ඉහළ නැංවීම සඳහා යෙදිය හැකි නව ක්‍රමවේද, මෙවලම් සහ ශිල්පීය ක්‍රම සංවර්ධනය කිරීමේ දී වැදගත් දායකත්වයක් ලබා දුන් පුද්ගලයන් හඳුනා ගැනේ. ඒවා ඵලදායිතා මැනීමේ සහ ක්‍රියාත්මක කිරීමේ ප්‍රයත්නවල ප්‍රධාන සක්‍රීය දායකත්වය දක්වන්නන් වේ.
තක්සේරු ගත කරුණු වන්නේ:
භූමිකාව සහ දායකත්වය
ආයතනික මට්ටමින් ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා තීරණාත්මක මෙහෙයක් ඉටු කරයි
ආයතනික දියුණුවට මඟ පාදන ඵලදායිතා සංකල්ප ගත කිරීම සහ ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ වේ
තාක්ෂණික නිපුණතාවය
ඵලදායිතා වැඩිදියුණු කිරීමේ ගැටලු හෝ ක්‍රියාවලි තේරුම් ගැනීමට සහ පැහැදිලිව නිර්වචනය කිරීමට හැකියාව ඇත
ඵලදායිතා ගැටලු ඵලදායී ලෙස විසඳීම සඳහා තාක්ෂණික මූලධර්ම යෙදීමට හැකියාව ඇත
ඵලදායිතා ක්‍රමවේද, මෙවලම් සහ ශිල්පීය ක්‍රම සැබෑ ජීවිත තත්වයන් තුළ දී වුවද අනුවර්තනය කර ගැනිමට ඇති හැකියාවක් පැවතිම
ඵලදායිතා ගැටලු විසඳීම සඳහා ක්‍රමවේදයන්, මෙවලම් සහ ශිල්පීය ක්‍රමවල ගුණාත්මකභාවය සහ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමට හැකියාව ඇත
ප්‍රතිඵල සහ බලපෑම්
ක්‍රමවේද, මෙවලම් සහ ශිල්පීය ක්‍රම යෙදීමෙන් ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ප්‍රතිඵල ලබා ගැනීම
දිගු කාලයක් පුරා ස්ථාවර ප්‍රතිඵල පෙන්නුම් කර ඇත
විවිධ අංශවලට සහ/හෝ වෙනත් රටවලට අදාල ඵලදායිතා ක්‍රමවේද, මෙවලම් සහ ශිල්පීය ක්‍රම ව්‍යාප්ත කර තිබිම.