ජපානය දෙවන ලෝක යුද්ධයේදි දැවැන්ත විනාශයට ලක් වුවද පසු කාලිනව විශාල කාර්මික දියුණුවක් කරා ගමන් කිරීමට හැකි විය. ඒ සඳහා තත්වය (Quallity) මුල් කරගත් නායකත්වය (Leadership) හා කණ්ඩායම් වැඩ (Team Work) වැනි කළමනාකරණ මූලධර්ම ජපානයේ සියලු ආයතනයන්හි භාවිතා කරනු ලැබිය. මේ මගින් ජපානයේ සියලූ අංශයන්හී සුවිශේෂි දියුණුවක් ඇති විය. මෙහිදි ඔවුන් යොදා ගත් මූලිකම හා ප්‍රධානතම මෙවලම වූයේ පංචවිධ සංකල්පය හෙවත් 5S ය. ඵලදායිතාවේ පදනම හෙවත් අත්තිවාරම වන්නේද 5S ය. වර්තමානයේද ජපානය කළමනාකරණයේ ශක්තිමත් මෙවලමක් ලෙස 5S භාවිතා කරනු ලැබේ. විශාල ගොඩනැගිල්ලක් වුවද මැනවින් ආරක්ෂාකොට තබා ගැනීමට ශක්තිමත් අත්තිවාරම අත්‍යවශ්‍ය වන්නා සේ ආයතනයක් ඵලදායි ශක්තිමත් එකක් බවට පත් කිරීම සඳහා 5Sහොදින් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ.

මේ නිසා 5S ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය හා වැදගත්කම අනුව ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් ශ්‍රී ලංකාවේ සෑම ආයතනයකම 5S ප්‍රමිතියක් ඇති කිරීම සඳහා 5S සහතිකකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මේ මගින් කම්කරු ආරවුල් අවම කිරීම, වර්ජන හා අකුරට වැඩ කිරීම වැනි වෘත්තිමය ක්‍රියාමාර්ග වලක්වා ගැනීමට හැකි වීම මෙන්ම සේවක තෘප්තිය ඉහළ නැංවීම වැනි ආයතනික වශයෙන් වාසිදායක තත්වයන් ලබා ගැනීමට හැකිය.

එසේම සේවා ලාභින් / පාරිභෝගිකයින් හට තත්වයෙන් උසස් උපරිම සේවයක් / භාණ්ඩ ලබාගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමද මෙහිදි සිදු වේ. පාරිභෝගිකය්න්ගේ සිත් ඇදගන්නා මානව සබඳතාවයන්ගෙන් හා භෞතික පරිසරයකින් හෙබි ආයතනයක් මේ මගින් නිර්මාණය වීමද මෙහිදි ලැඛෙන තවත් ප්‍රතිලාභයකි. 5S ප්‍රමිති සහතිකය ලබා ගැනීම ඵලදායි ආයතනයක් බවට පත් කිරීම සඳහා ශක්තිමත් අවස්ථාවක් වනු ඇත.

5S සහතිකකරණය ලබාගත හැකි ආයතන

  • පෙර පාසල්
  • පාසල් (රාජයේ හා පෞද්ගලික)
  • කාර්යාල
  • වෙළඳ ආයතන
  • කර්මාන්තශාලා
  • ආපනශාලා
  • රෝහල් / වාට්ටු / ඔසු හල් / රසායනාගාර වැනි ඔනෑම ආයතනයකට මෙම 5S සහතිකකරණය ලබාගත හැකිය.