රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ මාර්ගෝපදේශනය අනුව ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය නවතම ජාත්‍යන්තර ඇගයීම් නිර්ණායකයන්ට අනුකූලව ප්‍රකාශයට පත් කරනු ලැබේ.

ඵලදායිතා සංකල්ප පිළිබඳ ආයතන සතු න්‍යායාත්මක දැනුම, ප්‍රායෝගික ලෙස යථාර්ථයක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය මෙහි දී ඇගයීමට ලක් කෙරේ. සීමිත සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් හා සඵලතාවයෙන් යුක්තව උපයෝජනය කරමින් ආයතනික අරමුණු ළඟාකරගැනීමේ විශිෂ්ටබව තාක්ෂණික වශයෙන් ඉතා විධිමත් වූ ඇගයීමේ ක්‍රියාවලියක් ඔස්සේ මැන බලමින් ජාතික මට්ටමින් ඇගයීමට ලක් කිරීම මෙහි මුඛ්‍ය අභිමතාර්ථයක් වේ.

ඵලදායිතා සංකල්ප ඔස්සේ වඩාත් ප්‍රශස්ථ වූ ස්ථරයක් වෙත විතැන් වීම උදෙසා අවැසි දැනුම ලබාදෙමින් මාර්ගෝපදේශනය ලබාදීමට ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය නිරන්තරයෙන්ම සූදානම්ය. ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය සඳහා ඔබ දක්වන සහයෝගය සහ දායකත්වය බෙහෙවින් අගය කර සිටින අතර ඔබගේ සියලු සාර්ථකත්වයන් උදෙසා අපගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනැමීමට කැමැත්තෙමු.