APO Logo

APO ජාතික සම්මානයේ අරමුණ වන්නේ ආසියානු ඵලදායිතා සංවිධානයේ (APO) සාමාජිකයින් තුළ, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සහ ලාභ ලබන සහ ලාභ නොලබන සංවිධානවල, ඵලදායිතා කටයුතු සදහා නායකත්වය දෙන සහ ක්‍රියාත්මක කරන සහ අනෙකුත් ඒවාට බලපෑම් කරන සුදුසු ඵලදායිතා ශූරයන්ගේ වැදගත්කම හඳුනා ගැනීමයි. ඔවුන්ගේ සංවිධානවල සාමාජිකයන් හා ඔවුන්ගේ සංවිධානවලින් පිටත විවිධ ඵලදායිතා ක්‍රියාකාරකම්වල සමාජිකයින්ද මෙහි දී වැදගත් වේ.

සම්මානලාභි ආයතන මගින් පසු පරම්පරාවේ ඵලදායිතා ශූරයන් දිරිමත් කරන ආදර්ශයන් වේ. මෙම සම්මානය APO සාමාජිකයින් හරහා විශිෂ්ටත්වය සඳහා කැප වී සිටින ඵලදායිතා ශූරයින් සහ ඵලදායිතා උපදේශකයින් ප්‍රගුණ කිරීම අරමුණ වේ.  එමගින් ඵලදායිතාව ජාතික මට්ටමින් ව්‍යාප්ත කරිමට අපේක්ෂා කරයි. මෙම සම්මානය පුද්ගලයන්ට පිරිනමනු ලබන්නේ ඔවුන්ගේ ඵලදායිතා කටයුතු සාධනය කිරීම සහ විශිෂ්ටත්වය සඳහා වන ඇගයීමක් වශයෙනි.

ජාතික ඵලදායිතා සංවිධානයේ කොටසක් ලෙස APO ජාතික සම්මානය පිරිනමනු ලැබේ. APO සාමාජිකයින්ගේ ජාතික ඵලදායිතා සංවිධාන (NPOs) සම්මාන කටයුතු සඳහා වගකිය යුතුයි. NPOs විසින් සම්මානය සංවිධානය කිරීමට හෝ සහාය වීමට අදාළ රාජ්‍ය ආයතන හෝ සංගම් සමඟ සහයෝගීව කටයුතු කිරීමට තෝරා ගත හැකිය.