614085420 916518630706809 2412168267385649155 n
 
 
වෘත්තීය ගමන් මඟ තුළ විශිෂ්ටත්වයට පත් වීමට අගනා අවස්ථාවක්!
ජාතික ඵලදායිතා ඩිප්ලෝමා පාඨමාලාව – 2026
(National Diploma in Productivity – 2026)
මෙම පාඨමාලාව 2026 මාර්තු 12 වන දින ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ දී ආරම්භ වේ.
රාජ්ය හා පෞද්ගලික අංශයේ නිලධාරින්ට මෙන්ම ව්යවසායකයින්ට ද මෙම පාඨමාලාව සඳහා ඉල්ලුම් කළ හැක. ඔබේ වෘත්තීය අවශ්යතාවය අනුව ඵලදායිතා විෂයය නිපුණත්වය සංවර්ධනය කරගැනීම පිණිස ඩිප්ලෝමාවේ අධ්යයන පථය ඔබට ම තෝරා ගත හැක.
පළමු පථය (Track 1): රාජ්ය අංශය ඉලක්ක කොට ගත් සේවා අංශයේ ඩිජිටල් පරිවර්තනයට අවශ්ය මානව ධාරිතාව සංවර්ධනය සහ නිෂ්පාදන අංශය ඉලක්ක කොටගත් ව්යාපාර ක්රියාවලි නවෝත්පාදනය
දෙවන පථය (Track 2): කාර්යක්ෂමතාව සහ තිරසරභාවය ඉලක්ක කරගනිමින් නැවත ප්රති-සැකැස්ම (re-engineering)
එසේම, ආසියානු ඵලදායිතා සංවිධානයේ සහතිකලත් ඵලදායිතා විශේෂඥයෙකු (APO Certified Productivity Specialist) බවට පත්වීමට අවශ්ය ශක්තිමත් පදනමක් මෙම පාඨමාලාව මඟින් සැලසෙයි.
ඔබේ ආයතනය ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලියේ දී විශිෂ්ටත්වයට පත් කර ගැනීම සඳහා නායකත්වය ලබා දීමටද ඔබට හැකියාව ලැබේ.
ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය වසර 12 ක් පවත්වාගෙන ආ මෙම පාඨමාලාව ආසියානු ඵලදායිතා සංවිධානයේ දැනුම සහ විශිෂ්ට අත්දැකීම් ඔස්සේ 2026 වසරේ දී නව මුහුණුවරකින් ඉදිරිපත් කෙරේ.
පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට පහත සබැඳිය භාවිතා කරන්න:https://forms.gle/zwX7ypt9ibJp5soS8