කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධන අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය නිරීක්ෂණය කිරීම සඳහා 2025 ජනවාරි 01 දින එම අමාත්යාංශයේ අමාත්ය ගරු සුනිල් හදුන්නෙත්ති මහතා, නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ මහතා සහ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී විය.
 
එම අවස්ථාවට සමගාමීව උපාලි මාරසිංහ මහතා විසින් සිංහල බසට පරිවර්තනය කරන ලද "රාජ්ය අංශය සඳහා ඵලදායිතා ප්රවර්ධන අත්පොත" හා "නව්යකරණය හා ඵලදායිතාව උදෙසා රාජ්ය අංශයේ නායකත්වය" යන ග්රන්ථ "ඉ" පොත් ලෙස ජනගත කිරීම සිදුකරන ලදී
 
එම "ඉ" පොත් ඔබට දැන් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ වෙබ් අඩවියෙන් හෝ පහත දිගුව ඔස්සේ භාගත කර ගත හැක