ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද, "රාජ්ය නිලධාරීන් සඳහා ක්රියාවලි වැඩිදියුණු කිරීමේ වැඩසටහන" 2024. 12. 04 දින, කුරුණෑගල දිස්ත්රික් ලේකම් කාර්යයාල පරිශ්රයේදී කුරුණෑගල දිස්ත්රික් ලේකම් ආර්. එම්. ආර්. රත්නායක මහතා , ජාතික ශ්රම අධ්යයන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් සුරංග ගුණරත්න මහතා සහ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ නිරංජ එස්. ජයකොඩි මහතා ගේ ප්රධානත්වයෙන් පවත්වන ලදී.
මෙම වැඩසටහන සඳහා කුරුණෑගල දිස්ත්රක්කයේ විවිධ ආයතන වල ආයතන ප්රධානීන් හා විධායක මට්ටමේ නිලධාරීන් 100 දෙනෙකු ඇතුළු දිස්ත්රික්කයේ ඵලදායිතා සංවර්ධන නිලධාරීන් 61 දෙනෙකු සහභාගි වූහ.
රාජ්ය ආයතනවල ක්රියාවලි වැඩිදියුණු කිරීම තුලින් සේවා කාර්යක්ෂමතාවය වර්ධනය කර ගැනීම පිළිබඳ ප්රධාන දේශනය ජාතික ශ්රම අධ්යයන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් සුරංග ගුණරත්න මහතා විසින් පවත්වන ලද අතර, ඵලදායිතා නිලධාරි රංග තුෂාර මහතා සහ ශෂී සමරවීර මෙනවිය වැඩසටහන් සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන ලදී.
