ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන ක්‍රියාකාරකම් පදනම් කරගත් පුහුණු වැඩසටහනක් වන තත්ත්ව පාලන කව පිළිබඳ පුහුණු වැඩමුළුව 2024 ඔක්තෝබර් මස 28 ,29 හා 30 තෙදින ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයයිය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත .

ඵලදායිතා මෙවලම් හා ශිල්ප ක්‍රම භාවිතයෙන් විද්‍යානුකූල ක්‍රමවේදයක් ඔස්සේ ආයතනික ගැටලු විසඳීමටත් ඒ හරහා ආයතනික අරමුණු ඉටුකර ගැනීම සහ ඵලදායිතාව වැඩිදියුණු කර ගැනීම සඳහාත් සහභාගිත්ව කළමනාකරණයේ ප්‍රායෝගික භාවිතයන් ඔස්සේ සහභාගීවන්නන් බලගැන්වීම මෙහිදී අපේක්ෂා කෙරේ.

ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත වැඩමුළුවක් වන මේ සඳහා සීමිත පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින් මේ සඳහා පහත සබැඳිය ඔස්සේ 2024 ඔක්තෝබර් 15 දිනට පෙර ලියාපදිංචි වන්න.
https://forms.gle/ZWkaNKytba1M8hfZA

( වැඩිදුර තොරතුරු සඳහා මෙම වැඩමුළුවේ WhatsApp group සමග පහත සබැඳිය ඔස්සේ සම්බන්ද වන්න
https://chat.whatsapp.com/KL927SGkqmvGpwdTjTJGUG )

 

aa.jpg