ශ්‍රී ලාංකේය  ප්‍රජාව ඵලදායිතාවයෙන් සවිබල ගන්වමු

ඵලදායී පුද්ගලයෙක්, පවුලක්, නිවසක්, ගමක් සහ රටක් බිහි කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් ප්‍රජා ඵලදායිතා වැඩසටහන යටතේ පවත්වන පුහුණු පාඨමාලාව නොමිලේ හැදෑරීමට ඔබට මහඟු අවස්ථාවක්!

ප්‍රජා සත්කාරක සේවයේ යෙදීසිටින හා මේ පිළිබඳව උනන්දුවක් දක්වන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියතු වූවන් සහ විවිධ ආයතනවල උසස් අධ්‍යපනය ලබන ශිෂ්‍ය ශිෂයාවන්, විවිධ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල සේවයේ නිරත වූවන්, විවිධ සමාජ සංවිධානවල නිලතල දරණ සාමාජික සාමාජිකාවන්හට මේ සඳහා ලියාපදිංචි විය හැක.

රු 20,000/- ක් වටිනා මෙම පුහුණුවීම් සම්පූර්ණයෙන් ම නොමිලේ හැදෑරීමට අයදුම්කරුවන්ට අවස්ථාව ලබා දේ.

2024 මැයි 30 දින සිට බ්‍රහස්පතින්දා (රජයේ හෝ ප්‍රසිද්ධ නිවාඩු දින හැර) දින 12ක දී පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම පාඨමාලාව සඳහා සීමිත පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින් 2024 මැයි 27 වන දිනට පෙර පහත සබැඳිය ඔස්සේ නොපමාව ලියාපදිංචි වීමට ඔබට ආරාධනා!

https://docs.google.com/forms/d/e/1FAIpQLSe6Ibu8M8ULU6PO_ZPTrZQmCE5NMje6dv7Up8J1bfOf0xbFmw/viewform

පාඨමාලාව සාර්ථකව හදාරා අවසන් කරන අයදුම්කරුවන්හට වටිනා e-සහතිකයක් පිරිනැමේ.

සෑම බ්‍රහස්පතින්දා දිනක ම ප.ව.7.00 සිට ප.ව 9.00 දක්වා මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ සිංහල (ඉංග්‍රීසි යෙදීම් සහිතව) මාධ්‍යයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

 

 

 

pro.jpeg