ජාතික සමාජ ආර්ථික සංවර්ධනය සඳහා නිලධාරීන්ගේ ධාරිතා වර්ධනය අරමුණු කරගනිමින් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ සංවර්ධන - 2 අංශය මගින් සංවිධානය කරන ලද "ගුණාත්මක වැඩ පරිසරයක් සදහා ආයතනික උපදේශනය පිළිබද ධාරිතා සංවර්ධන" පුහුණු වැඩමුළුව 2024 මාරතු 20,21 සහ 22 යන තෙදින ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේ දී පැවැත්වුණි. දිවයින පුරා විහිදී ඇති ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයීය නිලධාරි ජාලය ජාතික අවශ්යතා සඳහා සන්නද්ධ කරවීම මෙහි ප්රමුඛ අරමුණයි.රවණාගාරයේ දී පැවැත්වුණි. දිවයින පුරා විහිදී ඇති ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයීය නිලධාරි ජාලය ජාතික අවශ්යතා සඳහා සන්නද්ධ කරවීම මෙහි ප්රමුඛ අරමුණයි.

සමාරම්භය සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්යංශයේ අතිරේක ලේකම් කේ. ඩී. ආර් ඔල්ගා මහත්මිය, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ නිරංජ එස්. ජයකොඩි මහතා, සංවර්ධන 2 අංශයේ නියෝජ්ය අධ්යක්ෂ ප්රණිධි පී. ඒ. බෝපගමගේ මහත්මිය ඇතුළු මාණ්ඩලික නිලධාරීන් රැසක් සහභාගී විය.

මෙම වැඩසටහන සඳහා රට පුරා ඵලදායිතා සංවර්ධන නිලධාරීන් 45ක් සහභාගි වූ අතර මෙහි දී ප්රායෝගික භාවිතාවන් ගැඹුරින් සාකච්ඡා කරන ලදි. අත්දැකීම් ආශ්රිත පුහුණුවක් වශයෙන් සංවිධානය වූ මෙහි ඇගයුම සඳහා සිද්ධි අධ්යයනය යොදා ගන්නා ලදී. වැඩසටහනේ සම්පත්දායකත්වයෙන් වැඩි කොටස ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයීය නිලධාරින් විසින් සැපයීම ද විශේෂත්වයකි.