රාජ්ය යාන්ත්රණය ඔස්සේ ක්රියාත්මක වන රාජ්ය ආයතන පද්ධතිය නූතනත්වය සමග යාවත්කාලීන කරමින් සම්මතකරණයට ලක්වූ ක්රියාවලි දාමයන් රාජ්ය ආයතන තුළ ස්ථාපනය කිරීමේ ව්යාපෘතියක් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් හඳුන්වා දී තිබේ.
මෙහි මූලික අදියරක් වශයෙන් රාජ්ය සේවා ක්රියාවලි විශ්ලේෂණය පිළිබඳ එක්දින පුහුණු වැඩසටහනක් රාජ්ය ආයතනවල මාණ්ඩලික නිලධාරින් සහ අදාල කාර්ය මණ්ඩල නිලධාරීන් සිය දෙනෙකුගේ සහභාගිත්වයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශ ලේකම් ආර්.පී.ඒ. විමලවීර මහතාගේ ප්රධානත්වයෙන් යුක්තව 2023 ජූනි මස 22 දින ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයීය ශ්රවනාගාරයේදී පවත්වන ලදී.
මෙම වැඩමුළුව සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්යංශයේ අතිරේක ලේකම් කේ.ඩී.ආර් ඔල්ගා මහත්මිය සහභාගි වූ අතර ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ වැඩ බලන අධ්යක්ෂ සුරංග ගුණරත්න මහතාගේ සහ ඵලදායිතා නිලධාරි රංග තුෂාර මහතාගේ සම්පත් දායකත්වයෙන් යුක්තව මෙම පුහුණු වැඩමුළුව පවත්වන ලදී. ලසිතා දේවගේ නියෝජ්ය අධ්යක්ෂතුමියගේ අධීක්ෂණය යටතේ සැලසුම් අංශය මඟින් මෙම ව්යාපෘතිය ක්රියාත්මක වන අතර මෙම පුහුණු වැඩමුළුව සඳහා සෞඛ්ය,අධ්යාපන,ආරක්ෂක වැනි විවිධ ක්ෂේත්රයන් නියෝජනය කරන රාජ්ය නිලධාරින් සහභාගි වූහ.





