ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සුළු හා මධ්ය පරිමාණ ව්යවසාය සංවර්ධනය සඳහා ක්රියාත්මක කරන “සුහුරු ව්යවසායකයෝ” ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය කම්කරු හා විදේශ රැකියා අමාත්ය ගරු මනුෂ නානායක්කාර මැතිතුමාගේ ප්රධානත්වයෙන් 2023 ජූනි මස 15 වන දින ගාල්ල, අහංගම, මැලියගොඩ, මහදෙනිය මිල්ස් හි දී පවත්වන ලදි. මෙම සමාරම්භක වැඩසටහන සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශ ලේකම් ආර්.පී.ඒ. විමලවීර මහතා , කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශ අතිරේක ලේකම් කේ. ඩ්. ආර් ඔල්ගා මහත්මිය , ගාල්ල දිස්ත්රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා , ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ වැඩ බලන අධ්යක්ෂ සුරංග ගුණරත්න මහතා හා හබරාදූව ප්රාදේශීය ලේකම් නෙළුමි .ඒ. ගමගේ මහත්මිය ඇතුළු රාජ්ය නිළධාරීන් සහභාගි විය. තවද, මෙම වැඩසටහන සඳහා මහදෙනිය මිල්ස් අධිපති එච්. එල් . ජැක්සන් මහතා ඇතුළු “සුහුරු ව්යවසායකයෝ” ව්යාපෘතියට අදාල ගාල්ල දිස්ත්රික්කයේ ව්යවසායකයින් ද සහභාගි විය. මෙම “සුහුරු ව්යවසායකයෝ” ජාතික වැඩසටහන සමස්ත ශ්රී ලංකාවම ආවරණය කරමින් දිස්ත්රික් මට්ටමින් ක්රියාත්මකවන අතර එමඟින් සුළු හා මධ්ය පරිමාණ ව්යවසායන් 600 ක් වැඩිදියුණු කිරීමට නියමිතය.

355147561 304089891949689 4910748417276148988 n   354899611 304089841949694 7662725517096112703 n   355441184 304237691934909 1658135208028548323 n

354582504 304089851949693 5165276212983182409 n   355153634 304089801949698 3461423033649376454 n