ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් පාසල් සිසුන් සඳහා “ඵලදායිතාව හා නව්‍යකරණය” පිළිබඳ මුලික සහතික පත්‍ර පාඨමාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මේ සඳහා අ.පො.ස.(සා.පෙළ) විභාගයට පෙනී සිටි / අ.පො.ස.(උ.පෙළ) හදාරන සිසුන් හා අ.පො.ස.(උ.පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් ට අයදුම් කල හැකි අතර, මෙම පාඨමාලාව හා සම්බන්ධවීම සඳහා ඔබගේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ / ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඵලදායිතා සංවර්ධන නිලධාරීන් හමුවී වැඩි විස්තර ලබාගත හැක.

 

ezgif.com gif maker