Oneday

Occupational Safety & Health Management

වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය කළමනාකරණය පිළිබඳ එක්දින වැඩසටහන

වර්තමානයේ සෑම ක්ෂේත්‍රයකම ඇතිවී තිබෙන තාක්ෂණික දියුණුවත් සමග අත්වැල් බැඳගත් ගැටළු රාශියක් කරා අද සමාජය මුහුණ දෙමින් පවතී. එහිදී සියළු ක්ෂේත්‍රයන්හි  වැඩ කරන අයගේ  ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ උසස් දැනුමක් ලබාදීම සඳහා කටයුතු කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු විය යුතුය. ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ අවධානය අඩු කම නිසාවෙන්ම වැඩ පරිශ්‍රය තුළ මිනිස්  ජීවිත අහිමි වන ප්‍රමාණය සීඝ්‍රයෙන් වර්ධනය වෙමින්  පවතී.

වෘත්තීය සුරක්ෂිතතාව සහ සෞඛ්‍යය කළමනාකරණයට ඉවහල් වන න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබාදීම කෙරෙහි අවධානය යොමු කිරීම ආයතනික මට්ටමින් ආරම්භ කළ යුතුය. මෙහිදී වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍ය කළමනාකරණයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මේ පිලිබඳ පූර්ණ අවබෝධයක් ලබා දෙනු වස් වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය කළමනාකරණය (Occupational Safety & Health Management ) පිළිබඳ එක්දින වැඩසටහනක් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින්  සංවිධානය කර ඇත.

පුහුණු වැඩසටහන පිළිබද විස්තර

දිනය                    : 2017 අගෝස්තු 29

කාල සීමාව           : පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා

ස්ථානය               : ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරය

මාධ්‍යය                : සිංහල

පාඨමාලා ගාස්තු    : රු.5,000 එක් අයෙකු සඳහා (ආහාර සහ ලිපි ද්‍රව්‍ය සපයනු ලැබේ)

අදාල පාඨමාලා ගාස්තුව මුදලින් හෝ චෙක්පතකින් අප වෙත ලැබීමට සැලැස්විය හැකි අතර චෙක්පත්  “ලේකම්, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය - ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය” (Secretary,Ministry Of Public Administration and  Management -National Productivity Secretariat)  යන නමට ලිවිය යුතුය.

වැඩි විස්තර සඳහා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ දුරකථන අංක  011 - 2186031/32 මගින් ඵලදායිතා සංවර්ධන නිලධාරි  සේනානි දර්ශිකා කුමාරි මිය (077-8487341)  ඇමතීමෙන් ලබාගත හැකි වේ.ඔබගේ සහභාගීත්වය මේ සමඟ ඇති අයදුම්පත පුරවා ෆැක්ස් පතක් හෝ ලිපියක් මගින් 2017.08.28.වන දිනට පෙර  තහවුරු කරන්නේ නම් මැනවි. පුහුණු වැඩමුළුව අවසානයේ වටිනා  සහතික පත්‍රයක් නිකුත් කරනු ලැබේ.ඔබ ආයතනයේ ඵලදායිතා වර්ධනය උදෙසා මෙම වෘත්තීය සුරක්ෂීතතාව සහ සෞඛ්‍යයට කළමනාකරණය පිළිබඳ වැඩසටහන ප්‍රායෝගිකව ඉවහල් වන බැවින් සුදුසු නිලධාරීන් ඒ සඳහා සහභාගි කරවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.