Public sector

Productivity Promotion Program for Tea Factories

තේ කර්මාන්ත ශාලා සඳහා ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහන

ශ්‍රී ලංකාවේ තේ වගාවේ ව්‍යාප්තිය දෙස බැලීමේදී කන්ද උඩරට මෙන්ම පහත රට තෙත් කලාපයේද, දකුණු කලාපයේද තේ වගාකරන ප්‍රදේශ වේ.

කුඩා තේ වතු හිමියන් තේ වගාවේදී මුහුණ දෙන ගැටලු සඳහා විසඳුම් සෙවීමේදී අගය වැඩි කිරීමේ අරමුණින් නව වැඩපිළිවෙලකට යොමුවීමේ කාලීන අවශ්‍යතාවය මේ මොහොතේදී පැන නැගී තිබේ. මෙහිදී තේ කර්මාන්තය තවදුරටත් නංවාලීමට හා ඉදිරි අවශ්‍යතා සපුරාලීමට එහි ගුණාත්මක බව අනිවාර්යෙන්ම වැඩි කළ යුතුය.

එම කර්මාන්තය තුළ වඩාත් තිරසාර වූ සාධනීය පරිවර්තන ක්‍රියාවලි ස්ථාපිත කිරීම සඳහා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහන් මාලාව සමඟ තේ කර්මාන්ත ශාලා රැසක් මේ මොහොත වන විටත් සක්‍රීය වශයෙන් සම්බන්ධ වී කටයුතු කරනු ලැබේ. ජාතික ඵලදායිතා තරගාවලිය සඳහාද මෙම ආයතන සහභාගීවන අතර ගතවුණු වසර කිහිපය තුළ ඔවුන් එතුළින් කිසියම් පන්නරයක් ලබාගෙන ඵලදායිතා මගට පිවිස ඇත. ඒ අතරින් කිහිපයක් ආයතන සාධනීය වූ ජයග්‍රහනයන් ජාතික මට්ටමින් ලබා ගෙන ඇත.

මෙකී කරුණු සැලකිල්ලට ගනිමින් ඵලදායිතා සංකල්ප ඉතා නිවැරදි ලෙස තම ආයතන පද්ධති තුළට අවශෝෂණය කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය සලසන ඵලදායිතා අත්පොතක් තේ කර්මාන්තය වෙනුවෙන් සකස් කිරීම සහ තේ කර්මාන්තය තුළ ඵලදායිතා සංකල්ප, න‍්‍යායයන් හා ක්‍රමවේද හඳුන්වා දීම,මූල්‍ය කළමනාකරණ ශිල්පීය ක්‍රම පිළිබඳ අවබෝධය ලබා දීම,මානව සම්පත් කළමනාකරණය සඳහා වූ වැඩසටහන් මාලාවේ මූලික අදියර වශයෙන් පහත රට තේ කර්මාන්තය සඳහාවූ ඵලදායිතා ප්‍රවර්ධන වැඩමුළුවක් 2017 අගෝස්තු 29 වන දින ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.