Public sector

Productivity Promotion Program for Medical Officers

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සඳහා ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහන් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය සංවිධානය කර ඇත. මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ ඵලදායිතා සංවර්ධන නිලධාරි ජීවමාලි පෙරේරා මහත්මිය විසිනි.

*පළමු වැඩසටහන බස්නාහිර පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහන 2017.10.13 දින ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී  පවත්වන ලදි. ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සුරංග ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පවත්වන ලදි. ජ්‍යෙෂ්ඨ ඵලදායිතා සංවර්ධන නිලධාරි ඉෂා රත්නකමල් මහතා විසින් සම්පත්දායකත්වය සපයන ලදි.

*දෙවන වැඩසටහන දකුණු පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහන 2017.10.17 දින මාතර දිස්ත්‍රික්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී පවත්වන ලදි. ජ්‍යෙෂ්ඨ ඵලදායිතා සංවර්ධන නිලධාරි ඉෂා රත්නකමල් මහතා විසින් සම්පත්දායකත්වය සපයන ලදි. 

 

*තුන්වන වැඩසටහන මධ්‍යම පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහන 2017.11.24 දින පවත්වනු ලැබේ. ජ්‍යෙෂ්ඨ ඵලදායිතා සංවර්ධන නිලධාරි ජීවමාලිපෙරේරා මහත්මියගේ සම්පත්දායකත්වයෙන්  පවත්වනු ලැබේ. 

*හතරවන වැඩසටහන උතුරු මැද පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහන 2017.11.29 දින පවත්වනු ලැබේ. ජ්‍යෙෂ්ඨ ඵලදායිතා සංවර්ධන නිලධාරින් වන ජීවමාලිපෙරේරා මහත්මියගේ හා ඉෂා රත්නකමල් මහතාගේ සම්පත්දායකත්වයෙන්  පවත්වනු ලැබේ. 

*පස්වන වැඩසටහන සබරගමුව පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහන 2017.12.05 දින පවත්වනු ලැබේ. ජ්‍යෙෂ්ඨ ඵලදායිතා සංවර්ධන නිලධාරි ජීවමාලිපෙරේරා මහත්මියගේ සම්පත්දායකත්වයෙන්  පවත්වනු ලැබේ.

*හයවන වැඩසටහන ඌව පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහන 2017. 12.08 දින පවත්වනු ලැබේ. ජ්‍යෙෂ්ඨ ඵලදායිතා සංවර්ධන නිලධාරි ජීවමාලිපෙරේරා මහත්මියගේ සම්පත්දායකත්වයෙන්  පවත්වනු ලැබේ.