Public sector

Productivity Promotion Project for Libraries

පුස්තකාල ඵලදායිතා ප්‍රවර්ධන ව්‍යාපෘතිය

මේ මොහොත වෙද්දි අපේ රටේ තියෙන ලියාපදිංචි පුස්තකාල සංඛ්‍යාව 9000 කට ආසන්න වෙනවා.මේ පුස්තකාල තුළ අමිල වටිනාකම් සහිත විවිධ පොත්පත් විශාල ප්‍රමාණයක් පවතිනවා.නමුත් විවිධ වූ සාධක මත මේ පුස්තකාල සමග සක්‍රීය වශයෙන් සම්බන්ධවෙලා ඉන්න පාඨක පිරිසනම් එතරම් ප්‍රමාණාත්මක නෑ.දියුණු තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ පුස්තකාල පරිශ්‍රයන් තුළ පවතින ක්‍රමවේද යාවත්කාලීන කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වෙලා තියෙන්නේ අන්න ඒ හින්දයි.

ඒ සඳහා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ මාර්ගෝපදේශනය යටතේ පුස්තකාල වෙත ඵලදායිතා සංකල්ප හඳුන්වාදීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ස්ථාපිත කර තිබෙනවා.එම වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහන පසුගියදා කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍රගත කරගනිමින් කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලීය ශ්‍රවනාගරයේදී පැවත්වුණා.කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහජන පුස්තකාල හා පාසල් පුස්තකාල 80ක පමණ නියෝජිතයින් මෙම අවස්ථාව සමග සම්බන්ධ වූවා.

ඵලදායිතා සංකල්ප ප්‍රායෝගික ලෙස භාවිතා කරමින් පුස්තකාල ක්ෂේත්‍රය තුළ ජාතික මට්ටමින් විශිෂ්ටත්වයට පත් නාත්තණ්ඩිය මහජන පුස්තකාලයේ පුස්තකාලයාධිපති නාමල් වික්‍රම මහතා මේ සඳහා තම සම්පත් දායකත්වය සැපයූවා.එමෙන්ම ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ නිලධාරීන් වන හේෂාන් සමරසිංහ සහ කේ.එච්.සී.පී කුමාර යන මහත්වරුන් විසින් පුස්තකාල පද්ධති තුළ ඵලදායිතා සංකල්ප ස්ථාපනය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී පැමිණි සිටි පිරිස දැනුවත් කරනු ලැබුවා.

ඉතින් මෙතැන් සිට ඔබේ ප්‍රදේශයේ පවතින පුස්තකාල පරිශ්‍රයන් ඵලදායිතා සංකල්ප තුළින් වර්ණවත් කිරීම සඳහා මෙම වැඩපිළිවෙල සමග සම්බන්ධවීමේ ප්‍රවේශ දොරටුව ඔබ වෙනුවෙන් විවෘතව පවතී. පොත් කියවීම හා සබැඳි සිත් මිනිසා සහ මිහිතලය මත ප්‍රේමයෙන්, සොඳුරු සිතුවිලි පළඳී….

පුස්තකාල ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහන් මාලාව

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන පුස්තකාල ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහන් මාලාවේ තවත් අදියර දෙකක් පුත්තලම හා මාතලේ යන දිස්ත්‍රික්ක කේන්ද්‍රගත කරගනිමින් පසුගියදා ඉතා සාර්ථක අන්දමින් පවත්වනු ලැබුවා.

මෙහිදී පුත්තලම් දිස්ත්‍රික් වැඩසටහනට ඵලදායිතා නිලධාරී සුගත් දසනායක මහතා විසින්ද මාතලේ දිස්ත්‍රික් වැඩසටහන සඳහා ඵලදායිතා නිලධාරී නිහාල් හෙන්නායක මහතා විසින්ද සම්පත් දායකත්වය සපයනු ලැබුවා.පුත්තලම දිස්ත්‍රික් වැඩසටහනට එම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් විවිධ ස්ථර තුළ ස්ථාපිතව තිබූ පුස්තකාල 60 ක පමණ නියෝජිතයන් සහභාගී වූවා.මාතලේ දිස්ත්‍රික් වැඩසටහන  සඳහා පුස්තකාල 130 ක පමණ නියෝජිත පිරිසක් සහභාගී වූවා.

පුස්තකාල පරිශ්‍රයන් තුළ ඵලදායිතා සංකල්ප ක්‍රමානුකූල අන්දමින් ස්ථාපිත කිරීමට අවශ්‍ය නිවැරදි මාර්ගෝපදේශනය ලබාගැනීමට එම පිරිස්වලට මෙහිදී ඉඩ ප්‍රස්ථාව හිමිවූවා.

මාතලේ දිස්ත්‍රික් වැඩසටහන

 පුත්තලම් දිස්ත්‍රික් වැඩසටහන