Programs

community image

සෞභාග්‍යමත් වූ ආර්ථික හා අධ්‍යයාත්මික පරිසරයක් තුළ ඉහළ ජීවන තත්ත්වයකට හිමිකම් කීම සදහා රටේ පුරවැසියන් පෙළගැස්වීමේ පරමාර්ථය මුදුන් පමුණුවා ගැනීමට නිසි ලෙස සැලසුම් කළ ක්‍රමවත් වූ වැඩපිළිවලක් අත්‍යවශ්‍ය වේ.යැපුම් මානසිකත්වයෙන් බැහැරව ජාතික නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීම උදෙසා ප්‍රාදේශීය වශයෙන් විසිරි පවත්නා සම්පත් උපරිම කාර්යක්ෂමතාවයෙන් යුක්තව භාවිත කිරීම සදහා අවශ්‍ය කරන දැනුම, කුසලතා, හා ආකල්පයන්ගෙන් පිරිපුන් ග්‍රාමීය ප්‍රජාවක් බිහි කිරීම යුගයේ අවශ්‍යතාවයකි.ප්‍රජා ඵලදායිතා සංකල්ප ක්‍රියාත්මක  කිරීම තුලින් කුටුම්බයන්හි වෙසෙන සාමාජිකයන්ගේ ආකල්පවල පැහැදිලි වෙනසක් ඇති වේ.එමෙන්ම එකී සාමාජිකයන්ගේ ස්වයං විනය,සංයමය,ගුණගරුක බව හා සාමුහිකත්වය ඔප්නංවීම සදහා මෙම සංකල්පයන්ගෙන් ලැබෙන්නේ මහගු පිටිවහලකි.

 ගෘහස්ථ ආර්ථික ඒකකයන්හි ඵලදායිතාව ඉහළ නැංවීම,සමස්ත ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ වර්ධන වේගය කෙරෙහි සෘජුවම ධනාත්මක වූ බලපෑම් ඇති කරයි. වසර 2020 වන විට “දැය නංවන සපිරි ගමක් “යන අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා  රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය සහ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මඟින් මොනරාගල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රජාව ඵලදායිතා සංකල්ප ඔස්සේ සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් සංවිධානය කළ ප්‍රජා ඵලදායිතා වැඩසටහනේ තෝරාගන්නා ලද සාමාජිකයන් හා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් රැසක් පවත්වන ලදි.

මෙමගින් රටේ ආර්ථික සහ සාමාජීය යහපැවැත්ම උදෙසා ප්‍රජාවට ඉතා ඉහළ දායකත්වයක් ලබා දිය හැකි වන අතර ග්‍රාමීය ආර්ථික විභව හඳුනා ගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබාදීමද අපගේ අරමුණ විය.ඒ අනුව ගෘහ ඒකකයන්හි සෞඛ්‍ය, අධ්‍යාපන සහ ආර්ථිකය සවිබල ගැන්වීම, නාස්තිය අවම කිරීම, ඉතිරි කරවීමට මගපෙන්වීම, බලශක්තිය සඵලදායී ලෙස පරිහරණය සහ සමාජීය තත්ත්වය ඉහළ නැංවීම මෙම ප්‍රජා ඵලදායිතා වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් අපේක්ෂා කෙරේ.

විශේෂයෙන් කුටුම්භ ඒකක වල ජීවන තත්ත්වය නගාසිටුවීම පිළිබඳ අවධානය යොමු කරමින් අධ්‍යාපනය, සෞඛ්‍ය හා ආරක්ෂාව, පිළිවෙල හා සාමාජික තත්ත්වය, සංස්කෘතික හා අධ්‍යාපනික ගුණ වගාව යන පැතිකඩයන් ආවරණය වන පරිදි පුළුල් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි මෙම ප්‍රජා ඵලදායිතා වැඩසටහන් මගින් ප්‍රජාව දැනුවත් කිරීම පිළිබඳව ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අවධාන යොමු වේ.  

Read more...