Kaizen

2015  වර්ෂය  සදහා  කයිසෙන්  ව්‍යවසායකයෝ  ජාතික  වැඩසටහනේ  පරමාර්ථය  වන්නේ  සුලූ  හා  මධ්‍ය  පරිමාණ  කර්මාන්තකරුවන්  ඵලදායිතාවයෙන්  සවිබල  ගැන්වීමයි.  මේ  සදහා  ඉලක්කගත  කණ්ඩායම  ලෙස  සුලූ  හා  මධ්‍ය  පරිමාණ  කර්මාන්ත  කරුවන්  (නිෂ්පාදන  හා  සේවා*  පෙන්වා  හැක.

රටක  ආර්ථික  සංවර්ධනයේ  නියමුවා  වන්නේ  පෞද්ගලික  ව්‍යාපාර  අංශයයිග  එමෙන්ම  රටක  ආර්ථිකයට  වැඩි  දායකත්වයක්  සපයන්නේද  මෙම  කුඩා  හා  මධ්‍ය  පරිමාන  ව්‍යාපාර  වේ.  මහා  පරිමාණ  ව්‍යාපාර  නවීකරණය  හා  ඵලදායිතා  ක‍්‍රමෙවිද  ඔස්සේ  සිය  ව්‍යාපාරික  කටයුතු  ක‍්‍රමවත්ව  පුළුල්ව  ප‍්‍රශස්ථ  අන්දමින්  පවත්වා  ගෙන  යන  අතර  කුඩා  හා  මධ්‍ය  පරිමාණ  ව්‍යාපාරිකයෝ  අවම  තාක්ෂණය  යොදා  ගනිමින්  දැඩි  අසීිරුතාවයෙන්  අවිධිමත්  ලෙස  සිය  ව්‍යාපාර  කටයුතු  ඉදිරියට ගෙන  යාමේ  අරගලයක  නිරත  වේ.  මොවුගේ  සේවක  මණ්ඩලය  ඵලදායිතා  ක‍්‍රමවේද  න්‍යායන්  හා  සංකල්ප පිළිබද  දැනුම  නොමැති  වීම  හේතුකොට  ගෙන  මෙම  ක්ෂේත‍්‍රය  නගාසිටුවීම  අභියෝගාත්මක  වුවත්  එය  අත්‍යාවශයෙන්ම  කල  යුත්තක්  වී ඇත.

එ්  අනුව  බලන  කල  මහ  බැංකු  වාර්ථා  පෙන්වා  දෙන  පරිදි  ලංකාවේ  සුලූ  හා  මධ්‍ය  පරිමාණ  කර්මාන්ත  80‍% ක  ප‍්‍රමාණයක්  නියෝජනය  වේග  දළ  ජාතික  නිෂ්පාදනයෙන්  50‍%  දායකත්වයක්  සපයන්නේද  සුලූ  හා  මධ්‍ය  පරිමාණ  කර්මාන්ත  අංශයයි.  සේවා  නියුක්තියෙන්  35‍%  සුලූ  හා  මධ්‍ය  පරිමාණ  කර්මාන්ත  අංශය  නියෝජනය  කරයි.  මෙසේ  බලන  කල  සුලූ  හා  මධ්‍ය  පරිමාණ  කර්මාන්ත  අනිවාර්යයෙන්ම  දියුණු  කල  යුතු  අංශයක්  බව  පෙනී  යනු  ඇත.

එ්  අනුව  දළ  ජාතික  නිෂ්පාදනයට  සෘජු  දායකත්වයක්  සපයන  ප‍්‍රධාන  අංශයක්  වන  මෙම  සුලූ  හා  මධ්‍ය  පරිමාණ  කර්මාන්තයන්හි  ඵලදායිතා  ප‍්‍රවර්ධනය  කෙරෙහි  මුලික  අවධානය  යොමු  කල  යුතුව  ඇති  අතර  සුලූ  හා  මධ්‍ය  පරිමාණ  කර්මාන්තයන්  නගා  සිටුවීමට  අවශ්‍ය  තාක්ෂණික  දැනුම  න්‍යායාත්මක  දැනුම  හා  කුසලතා  වර්ධනය  උදෙසා  ජාතික  ඵලදායිතා  ලේකම්  කාර්යාලයට  යෝජිත  යාන්ත‍්‍රනයක්  ඔස්සේ  විශාල  සහයෝගයක්  සුලූ  හා  මධ්‍ය  පරිමාණ  කර්මාන්තකරුවන්ට  ලබා  දීමට  මෙම  ව්‍යාපෘතිය  තුලින්  හැකි  වනු  ඇත.

  • • ජාතික ආර්ථිකයට සවිමත් අත්වැලක් වු ව්‍යාපාරික ප‍්‍රජාවක් නිර්මාණ කිරිම.
  • • සුලූ හා  මධ්‍ය  පරිමාණ  කර්මාන්තයන්හි  ආදායම  ඉහල  නැංවීම  තුලින්  රටේ  දළ  ජාතික  නිෂ්පාදන  ඉහල  නැංවීමට  සෘජු  දායකත්වයක්  ලබා  දීම.
  • • සුලූ  හා  මධ්‍ය  පරිමාණ  කර්මාන්තයන්හි  ඉතා  උසස්  තත්ත්්වයේ  භාණ්ඩ  හා  සේවා  නිර්මාණය  කිරිම.
  • • ඵලදායිතා  ප‍්‍රවර්ධනය  ඔස්සේ  ව්‍යාපාර  පුළුල්  කිරිම  හා  නව  රැකියා  අවස්ථා  නිර්මාණය  කිරිම.
  • • කුඩා  හා  මධ්‍ය  පරිමාණ  කර්මාන්තකරුවන්  මෙන්ම  අවිධිමත්  ව්‍යාපාර  ශක්තිමත්  කිරිම  ඔස්සේ  ජාතික  ආර්ථිකයට  මොවුන්ගේ  සහභාගිත්වය  ඉහල  නැංවීම.
  • • ජාතික  ආර්ථිකයට  සෘජු  දායකත්වය  සපයන  ප‍්‍රධාන  අංශ  අතර  පුලූල්  තරගකාරිත්වයක්  ඇති  කිරිම  හා  රාජ්‍ය  හා  පෞද්ගලික  අංශ  සහභාගික්වයේ  ක‍්‍රමවේද  ශක්තිමත්  කිරිම.
  • • වර්ථමානයේ  මෙම  ව්‍යාපෘතිය  ගම්පහ  දිස්ත‍්‍රික්කයේ  අති  සාර්ථක  ලෙස  ක‍්‍රියාත්මක  වේ. එහි  ප‍්‍රතිඵල  එම  කුඩා  හා  මධ්‍ය  පරිමාණ  කර්මාන්තකරුවන්  අත්විදින  බවට  සාක්ෂිද  ඇති  අතර  එම  විශිෂ්ධ  අත්දැකිම්  හුවමාරු  කිරිමට  අවශ්ථා  සැලසීම.

1  ව්‍යාපෘතිය පිළිබද  පුර්ව  ප‍්‍රචාරණ  කටයුතු  සිදු  කිරිම  : (Promotion)

  • •  පුවත්පත්  දැන්වීම  ඵල  කිරිම  හා  අත්  පත‍්‍රිකා  බෙදා  හැරීම  මගින්  මහජනතාව  දැනුවත්  කිරිම
  • •  දිස්ත‍්‍රික්  මට්ටමින්  ව්‍යාපෘතිය  සදහා  ව්‍යවසායකයින්ගෙන්  අයදුම්  පත්  කැදවීම
  • •  සම්මුඛ  පරික්ෂණ  හා  ව්‍යවසායකයින්  තෝරා  ගැනීම



2  තෝරාගත්  ව්‍යවසායකයින්  සදහා  ව්‍යාපෘතියේ  මුලික  හදුන්වා  දීමේ  වැඩසටහන  පැවැත්වීම  :(Introduction  &  launch )

  • •  තෝරාගත්  ව්‍යාපාරවල  ආයතන  ප‍්‍රධානින්  සදහා  මුලික  දැනුවත්  කිරිමේ  වැඩසටහන  පැවැත්වීම
  • •  තෝරාගත්  සියළු  ආයතන  නිරික්ෂණය කිරිම
  • • තෝරාගත්  සියලූම  ආයතනවල  නාමපුවරුක්  ප‍්‍රදර්ශනය  කිරිම,  කයිසෙන්  පෙට්ටි  සැකසීම  , KIC  (Kaizen  Implementation  Circle)  දැන්වීම්  පුවරුවක්  නිර්මාණය  කිරිම  සදහා  උපදෙස්  දීම



3  ව්‍යාපෘතිය  දියත්  කිරිම:(Implementation)

  • •  ආයතන  ප‍්‍රධානීන්  සදහා  පුහුණු  වැඩසටහන්  පැවැත්වීම
  •   -  මුලික  ඵලදායිතා  සංකල්ප  හදුන්වා  දීම
  •   -  කයිසන්  ක‍්‍රියාත්මක  කිරිමේ  කව  KIC  සදහා  පුහුණු  වැඩසටහන්  පැවැත්වීම
  •   -  විශිෂ්ඨ  අත්දැකීම්  හුවමාරුව  සදහා  ක්ෂේත‍්‍ර  චාරිකා  සංවිධානය  කිරිම
  •   -  ආයතන  ප‍්‍රධානීන්  සදහා  දේශීය  හා  විදේශීය  ව්‍යාපාරික  පුහුණු  අවශ්ථා  ලබාදීම
  • •  මුලික  ඵලදායිතා  සංකල්ප  පිලිබද  තෝරාගත්  ආයතනවල  සේවක  පිරිස  සදහා  පුහුණු  වැඩසටහන්  පැවැත්වීම
  • • මෙම  ආයතන   මසකට  වරක්   ජාතික  ඵලදායිතා  ලේකම්  කාර්යාලයට  අනුයුක්ත  අදාළ  දිස්ත‍්‍රික්කයේ ඵලදායිතා  ප‍්‍රවර්ධන  නිලධාරින්ගේ   අධීක්ෂණයට  පත්  කිරිම  (අධීක්ෂණ  ක‍්‍රියාවලියට  අනුව)
  • • කයිසෙන්  කළමණාකරුවන්  තෝරා  ගෙන  ඔවුන්  සදහා  මසකට  වරක්  පුහුණු  වැඩසටහන්  සංවිධානය  කර  ඔවුන්ට  අදාළ  ක‍්‍රියාකාරකම්  ලබා  දිම  හා  ප‍්‍රගති  සමාලෝචනය  පැවැත්වීම



4  ව්‍යාපෘතිය  අධීක්ෂණය  කිරිම  හා  මෙහෙයවීම  (Monitoring)

  • • මාස  2  කට  වරක්  ආයතන  ප‍්‍රධානින්ගේ  ප‍්‍රගති  සමාලෝචන  රැස්වීම්  පැවැත්වීම  (අයතන  ප‍්‍රධානින්  අනිවාර්ය  වේ)
  • • පාරිභෝගික  (අභ්‍යන්තර  හා   බාහිර)  තෘප්තිය  මැන  බැලීමේ  ක‍්‍රමවේදයක්  සැකසීම  හා  ක‍්‍රියාත්මක  කිරිම  (අදාළ  ක‍්‍රමවේදයන්  ඵලදායිතා  ලේකම්  කාර්යාලය  මගින්  සකසනු  ඇත)
  • • ජා.  ඵ.  ලේ.  කාර්යාලයේ  නිලධාරින්  මගින්  හා  බාහිර  සම්පත්  දායකයන්  මගින්  තෝරා  ගත්  සෑම  ආයතනයක්ම  විගණනයට  භාජනය  කිරිම  (විගණන  ලැයිස්තුවක්  පදනම්  කර  ගෙන  පිලිගත්  සම්පත්  දායකයින්  විසින් )
  • • සේවකයන්  සමග  ණෂක්‍  සැසියක්  පැවැත්වීම
  • • සියලූම ආයතනයන්වල  සේවකයන්  සහභාගි  කර  ගනිමින්  තම  ආයතයන්හි  වැඩි  වර්ධනයක්  පිලිබදව  අන්  ආයතන  සමග  හුවමාරු  කර  ගැනිමේ  ක‍්‍රමෙවිදයක්  සැකසිම
  • • ව්‍යාපෘති  අධීක්ෂණ  කරන  ඵලදායිතා  ප‍්‍රවර්ධන  නිලධාරින්ගෙන්  අදාළ  ආයතන  පිළිබද  ප‍්‍රගති  විමසීම
  • • ආයතන  ජාතික  ඵලදායිතා  සම්මාන  තරගාවලිය  සදහා  ඉදිරිපත්  කිරිමට  පෙර  සුදානම්  කිරිම  හා  යොමු  කිරිම
  • • ආයතන  සදහා  ජාතික  හා  ජාත්‍යන්තර  ප‍්‍රමිතිගත  කිරිම  සදහා  ආයතනයන්  පෙළඔවීම  හා  (උදා :  SLS,ISO,GMP,OSHAS)



5  ව්‍යාපෘති  ඇගයීම  :(Progress)

  • •  කයිසෙන්  ව්‍යාපෘතිය  තළින්  ව්‍යපාර  ලබා  ගත්  ප‍්‍රගතිය  ඇතුලත්  කරමින්  වර්තා  වැඩසටහන්  නිර්මාණය  කිරිම  (DVD)
  • • විශිෂ්ඨ  අත්දැකිම්  හුවමාරුව  සදහා  පොතක්  නිර්මාණය  කිරිම  (Best  Practice  sharing)
  • • ව්‍යාපාර  ඇගයීම  සදහා  කයිසෙන්  ව්‍යවසායක  සම්මාන  උළෙලක්  පැවැත්විම  (ජාතික  මට්ටමින් )
  • • කයිසන්  ව්‍යවසායක  සංගමයක්  නිරිමාණය  කිරිම



  • • ආයතනික  හිමිකරුවන්  ඉලක්ක  කර  ගනිමින්  පවත්වන  පුහුණු  වැඩසටහන
    මෙහිදි  ආයතන  හිමිකරුවන්ගෙන්  ආකල්ප  සංවර්ධනය  කිරීමට  කළමනාකරන  කුසලතාවයන්  (තීරණ  ගැනීම්, නායකත්වය,  සන්නිවේදන  විශ්ලේෂණ)  අරමුණු  කරගෙන  ඇත.  ඵලදායිතාවය  හා  තත්ත්වය  වර්ධනය  කිරීමේ  අවශ්‍යතාවයන්  හා  ඒ  සඳහා  සිදු  කළ  යුතු  කැපකිරිම්  පිළිබඳ  ආයතන  ප‍්‍රධානින්  දැනුුවත්  කරීම.
  • • කයිසෙන්  කළමනාකරු  පුහුණුව
    ඵලදායිතා  වැඩසටහන්  ආයතනය  තුළ  ක‍්‍රියාත්මක  කිරීම  සඳහා  සුදුසු  දෙවන  පෙළ  නිලධාරියෙකු  හඳුනාගෙන  පුහුණුව  ලබා  දේ.  මෙය  දිර්ඝකාලීන  පුහුණුවක්  වන  අතර  ඵලදායිතා  සංකල්ප  පිළිබඳ  පුහුණුව,  සේවකයින්  මෙහෙය  වීම  පිළිබඳ  පුහුණුව,  ඵලදායිතා  ඇගයිම්  කටයුතු  පිළිබඳ  පුහුණුව  ආදිය  ලබා  දේ.
  • • කයිසෙන්  ක‍්‍රියාත්මක  කිරීමේ  කණ්ඩායම්  (Kaizen  Implement  Circle)ක‍්‍රියාත්මක  කිරීම
    ආයතනයේ  අංශ  අනුව  කණ්ඩායම්  ඇති  කර  ක‍්‍රියාවලි  වැඩි  දියුණුව,  නාස්තිය  අවම  කිරීම,  ආදිය  සඳහා  කටයුතු  කරයි.  මෙම  කණ්ඩායම්  කටයුතු  කරන  ආකාරය  පිළිබඳ  විධිමත්  පුුහුණුවක්  සියලූ  දෙනාට  ලබා  දේ.
  • • කයිසෙන්  යෝජනා  ක‍්‍රම  වැඩසටහන්  හඳුන්වා  දීම
    කාර්ය  මණ්ඩලයේ  තනි  තනි  යෝජනා  ලබා  ගැනීමට  හා  ඇගයීමට  සුදුසු  වැඩ  පියවරයන්  හඳුන්වා  දේ.  කයිසෙන්  Box  නම්  යෝජනා  පෙට්ටියක්  ද  මෙහිදී  හඳුන්වා  දීම  සිදු  වේ.
  • • සියලූ  කාර්ය  මණ්ඩලය  ඉලක්ක  කර  ගත්  පුහුණු  වැඩසටහන්
    5S  සංකල්පය,  ආකල්ප  සංවර්ධනය,  ගුණාත්මකභාවය,  සුරක්ෂිතභාවය,  හරිත  ඵලදායිතාව  යනාදි  ක‍්‍රමවේද  පිළිබඳ  දැනුමක්  සියලූ  දෙනාට  ලබා  දේ.
  • • කයිසෙන්  දැන්විම්  පුවරු  සවි  කිරීම
    කයිසෙන්  ව්‍යවසායක  ව්‍යාපෘති  මගින්  සිදු  කරන  වැඩි  දියුණු  කිරීම්  පිළිබඳ  ආයතනික  සේවකයින්  දැනුවත්  කිරීම.
  • • කයිසෙන්  ව්‍යවසායක  ආයතන  අතර  අන්තර්  සම්බන්ධතා  තර  කිරීම
    මෙහි  දී  කයිසෙන්  ව්‍යවසායකයෝ  ව්‍යාපෘතියට  සම්බන්ධ  ආයතන  එකිනෙකා  නිරන්තරයෙන්ම  හමු  වේ.  එහි  දී  ඇති  වන  සම්බන්ධතා  නිසා  අලෙවි  අවස්ථා  වැඩි  වේ.  ( එක්  ආයතනයක  නිශ්පාදන  අනෙක්  ආයතනයට  අමුද්‍රව්‍යයක්  වේ)
  • • කයිසෙන්  ව්‍යවසායකයෝ  අතර  සම්බන්ධතා  තර  කිරීමේ  වැඩසටහන්  පැවැත්වීම
    මෙහිදි  ව්‍යාපාරික  ආයතන  අතර  ක‍්‍රිකට්  තරග,  කුසලතා  එළි  දැක්වීමේ  තරග,  ප‍්‍රදර්ශන  ආදිය  පවත්වනු  ලැබේ.
  • • කයිසෙන්  ව්‍යවසායකයෝ  සමුළුව  වාර්ෂිකව  පැවැත්වීම
    ව්‍යාපාතියේ  විශිෂ්ට  අත්දැකීම්  හුවමාරු  කර  ගැනීම  සඳහා  ඉදිරි  සැලසුම්  සකස්  කර  ගැනීම  සඳහා  වාර්ෂිකව  කයිසෙන්  ව්‍යවසායකයෝ  සමුළුවක්  පැවැත්වීමට  යෝජිතය.
  • • කයිසෙන්  සම්මාන  උළෙල
     ආයතන,  මට්ටමින්  හා  පුද්ගල  ඇගයීමට  ලක්  කිරීම  සිදු  කරයි.
  • • විදේශ  පුහුණු  අවස්ථා  ලබා  දීම
     ආසියානු  ඵලදායිතා  සංවිධිනය  සමග  ඇති  සම්බන්ධතාවය  නිසා  විදේශීය  පුහුණු  අවස්ථාවන්ට  යොමු  කිරීමට  හැකියාවක්  ඇති  වීම
  • • විගණනයක්  පැවැත්වීම
     ඵලදායිතා  ලේකම්  කාර්යාලය  මගින් විගණනයක්  පැවැත්වීම
  • • කයිසෙන්  වාණිජ  මණ්ඩලයක්  ඇති  වීම.

අප  හා  එක්  වීමෙන්  ඔබ  ව්‍යාපාරයට  අත්කරගත  හැකි  වාසි..,

  • නිෂ්පාදනය  වැඩිවීම  හා  වියදම  අඩුවීම  තුළින්  ඉහළ  ආදායමක්  ලබාගැනීම.
  • සැඟවුණු  ප්‍රතිලාභ  අවස්ථා  හඳුනා  ගැනීම.
  • ව්‍යාපාරික  අවස්ථා  පුළුල්  කර  ගැනීම.
  • ආකර්ෂණිය  භතික  පරිසරයක්  නිර්මාණය  කරගැනීම.
  • ආයෝජන  අවස්ථා  පුළුල්වීම  හා  නව  වෙළඳ  පොළ  හඳුනා  ගැනීම.
  • ආයතන  තුල  කළමනාකරණ  ක්‍රමවේදයන්  ක්‍රමවත්  කිරීම.
  • දේශීය  හා  ජාත්‍යන්තර  පුහුණු  අවස්ථා  ලබා  ගැනීම.
  • නව  රැකියා  අවස්ථා  බිහිකිරීම.
  • ව්‍යාපාරික  දැක්මක්  තුලින්  අනාගත  බලාපොරොත්තු  ලඟා  කරගැනීම.

අප  සමඟ  එක්වීමට  ඔබ  අදහස්  කරන්නේ  නම්  ව්‍යාපාරයේ  තොරතුරු  ඇතුලත්  කර  ඔබ  විසින්  සකසා  ගත්  අයදුම්  පතක්  හෝ  අපගේ  වෙබ්  අඩවිය ෙ හි  ඇති  ආකෘතියට  අනුව  සම්පුර්ණ  කල  අයදුම්පතක්  2015  මැයි  15  දිනට  පෙර  ජාතික  ඵලදායිතා  ලේකම්  කාර්යාලයට  යොමු  කරන්න.

වැඩි  විස්තර  සඳහා  යොමු  වන්න.

 


Download  Tamil  version  of  Kaizen