GP cell

GP Cell (හරිත ඵලදායිතා කව)

හරිත ඵලදායිතාව ශ්‍රී ලාංකික ජන සමාජය වෙත හදුන්වා දීමේ වගකීම ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය වෙත පැවරී ඇත.හරිත ඵලදායිතා මෙවලම් ශිල්ප ක්‍රම හා පිළිවෙත් පිළිබඳව ජනතාව හා ආයතන දැනුවත් කර ඒවා භාවිතයට පෙළඹවිම තුළින් පරිසර හිතකාමි ආයතනයක් සහ පරිසරයට ආදරය කරන වැසියන් බිහිකර ගැනීම උදෙසා අලුත්ම ව්‍යාපෘතියක් ලෙස GP Cell ආරම්භ කෙරේ.

හරිත ඵලදායිතාව යනු පරිසරයත් ආරක්ෂා කර ගනිමින් ඵලදායිතාව වර්ධනය කිරීම උදෙසා නිර්මාණය කළ ක්‍රමවේදයකි.එම ක්‍රමවේද සඳහා පියවර 6 සහ ඉලක්ක 13 සපුරාලන පරිදි හරිත ඵලදායිතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සලසනුවස් හරිත ඵලදායිතා කව (GP Cell) හඳුන්වා දීම සිදු කරයි.

 හරිත ඵලදායිතා කවයක් (GP Cell) යනු?

ආයතනයක සියළුම අංශ නියෝජනය වන සාමාජිකයින් 5 - 12 අතර ගණනකින් සමන්විත කුඩා කණ්ඩායමක කණ්ඩායම් නායකයෙක් පත් කර ගනී.නිරන්තරයෙන් රැස්වෙමින් සම්පත් භාවිතය, බලශක්ති, ජලය, අපද්‍රව්‍ය, සුරක්ෂිතතාව, නඩත්තුව පිළිබඳව සොයා බලයි.ඒ අනුසාරයෙන් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් පාරිසරික කාර්ය සාධක දර්ශක වැඩි කිරීමට දායක වේ.

GP Cell දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව
 
ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් ආරම්භ කර ඇති GP Cell ජාතික වැඩසටහනට යටතේ  සියළු අංශ නියෝජනය කරමින් හරිත ඵලදායිතාවය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් දිස්ත්‍රික්ක මට්ටමින් ආරම්භ කර ඇත. මෙහිදී  පෙරපාසල්,පාසල්,රාජ්‍ය ,  පෞද්ගලික හා ප්‍රජා අංශය නියෝජනය කරන පිරිස් මෙම වැඩසටහන් සඳහා සම්බන්ධ විය. 
 
මේ වන විට GP Cell ව්‍යාපෘතිය යටතේ    දිස්ත්‍රික්ක 08   ක හරිත ඵලදායිතාව පිළිබඳව (ගම්පහ,මාතර,පුත්තලම,රත්නපුර,මහනුවර,කුරුණෑගල,හම්බන්තොට හා අනුරාධපුර ) දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත් වූ අතර  විශේෂයෙන්ම  උතුරු පළාත සඳහා ද දමිළ මාධ්‍යෙයන් දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වා ඇත.
 
මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් වල විශේෂත්වය වනුයේ   දිස්ත්‍රික් ලේකම්තුමන්ලාගේ හා දිස්ත්‍රික් ලේකම්තුමියන්ලාගේ සහයෝගය මේ සඳහා ලැබී ඇති අතර  250 කට අධික පිරිසක්  එකී දිස්ත්‍රික්කයන් හි ආයතන නියෝජනය කරමින්  සහභාගී විය. මේ සඳහා   ආයතන ප්‍රධානීන් මෙන්ම ඵලදායිතා විෂය පිළිබඳ උනන්දුවක් දක්වන නිලධාරීන් ද  සහභාගී වූ අතර වැඩසටහන් අවසානයේ එම ආයතන වල GP Cell ස්ථාපිත කර හරිත ඵලදායිතා ව්‍යාපෘති ක්‍රියාත්මක  කිරීමට අවශ්‍ය මඟපෙන්වීම සිදුකරනු ලැබේ. 
 
දිස්ත්‍රික් ලේකම් කාර්යාල කේන්ද්‍රව පැවැත්වූ මෙම වැඩසටහන් සඳහා ප්‍රධාන දේශණය ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඩබ්.එම්.ඩී.සුරංග  ගුණරත්න මහතා ද  අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා පැවති වැඩසටහන සඳහා ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ නව්‍යකරණ අංශයේ සහකාර අධ්‍යක්ෂ ඉෂානි කොල්ලුරේ මෙනවිය ද සම්පත්දායකත්වය ලබා දෙන ලදී.

 

                         වැඩිදුර කියවීම සදහා මෙතනින් යොමුවන්න                                    

 ලියාපදිංචිය සඳහා මෙතැනින් යොමුවන්න

 

 බාගත කිරීම සදහා මෙතනින් යොමුවන්න

*GP CELL Presentation Sinhala Medium

 

 

*GP CELL Presentation Tamil Medium (please view after downloading, font type - Baamini)

 *GP CELL news letter 1

 

*GP CELL news letter 2